Sunday, April 8, 2012

මාර්ග අනතුරු වළකමු ..........!

මෙය මගේ පුංචි කාලයේ හිතට ආව අදහසක් උනාට එක හරිම සරල ඒ වගේම ඵලදායි එකක් කියලයි මට නම් හිතෙන්නේ. එක තමයි වංගුවක දෙපැත්තටම පේන විදියට කන්නාඩියක් සවි කරන එක.හම්බන්තොට මොනරාගල පැත්තේ යනකොට ඕන තරම් දකිනවා වංගුවක් එක්ක පිට මුනටම පේන විදියට මොනවහරි consumer products ගැන advertisements දාල තියනවා, නමුත් ඒ අයටම පොදු සේවාවක් විදියට ඒ දැන්වීම යටින්ම තරමක ලොකු, එත් ගොඩක් ලොකු නොවුනත් , කන්නාඩියක් සවි කරන්න පුළුවන් නම් වන්ගුවේ දෙපැත්තෙන්ම එන අයට ලොකු උදව්වක්.මම මේක දැක්කේ මගේ යාලුවෙක්ගෙ FB profile එකක.













කියන විදියට මේ photo එක අරන් තියෙන්නේ හපුතලේ යනකොට.මට මේක දැක්කම ගොඩක් සතුටු හිතුන.මට මේ අදහස මුලින්ම අවේ මම පුංචි කලේ අපේ පුංචි අම්මලහ (බදුල්ලේ) යනකොට.එතකොට මම 2~3 වසරේ.




ඉතින් මෙන්න මේ වගේ ඒවා ගහන වෙලාවට ඒගොල්ලන්ට හිතක් පහල වෙනවනම් අපිට මේ කරන දෙයින්ම සමාජයටත් දෙයක් දෙන්න පුළුවන් කියල, ..... මොනවා කරන්නද, තාම නම් එහෙම දෙයක් වෙලා නැහැ.ඒ උනාට රජය මේ වගේ දේවල් කරනවානම් ගොඩක් හොදයි, මොකද prevension is better than cure, ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය ගොඩක් වියදම් කරනවා.එත් මම අහල තියනවා රුසියාවේ ක්‍රීඩා අමාත්‍යංශය එහෙ සෞඛ්‍ය අමාත්‍යංශයට වඩා වියදම් කරනවා කියල. මොකද එයාලගේ අභිප්‍රාය තමයි හැම කෙනෙක්ටම ක්‍රීඩා කිරීමේ පුරුද්දක් ඇති කරලා ලෙඩ වීම අවම කරන එක.ඉතින් මේකත් එක වැළක්වීමේ ක්‍රියාමාර්ගයක් ලෙසයි මම දකින්නේ.

අලුත හදපු HIGHWAY එක ......
මම මේ කියන්න යන්නේ අපේ highway එකේ පොඩි අඩුවක් ගැන.ඔයාල හැමෝම දන්නවා ඕනෑම කෙනෙක්ට වහනයක් තියනම්(රෝද 3 කට වැඩි) මේකේ යන්න පුළුවන්.හැබැයි යන හැම වහනේකින්ම ටිකට් එකක් කඩාගන්න කට්ටිය දල තිබුනට මොකෝ මේකේ යන උන බීලද බලන්න බලු බල්ලෙක්වත් නෑ ....

 

අපි  ඕන තරම් දැකල තියනවා මේ ලංකාවේ වෙන වැඩි හරියක් අනතුරු වලට හේතුව බීමත්කම සහරියදුරු බලපත්‍ර ලබා නොමැති ලාබාල ගැටවර වියේ පසුවන්නන්ගේ නොමනා රියපදවීම්. ඉතින් මේ දෙකෙක්න් එකක් වත් ඔය ticket එක කඩන වෙලාවට බලන්නේ නෑ.බලනවානම් වෙන හෝ වෙන්න තියන අනතුරු ගොඩක් වලක්වා ගන්න පුළුවන් කියන එකයි මගේ අදහස.මේවා ඉතින් අපේ කට්ටියට මතක වෙනකොට හොඳ කාලයක් ගිහින්.මිනිස්සු ගොඩක් මැරිලා තියේවි......

 


ඉතින් අපි එහෙම වෙන්න නොදී ඉන්න වග බලාගමු. කරුණාකර බීමත්ව රියපදවන්න එපා.......!