Sunday, April 8, 2012

Breast cancer detection - පියයුරු පිළිකා හඳුනා ගැනීමේ මග

මා සම්බන්ධවූ වැඩසටහනක ලැබූ දැනුම ඔබ සතුකර දීම මෙහි පරම චේතනාව වේ .....
මා අධ්‍යාපනය ලබන්නාවූ විශ්ව විද්‍යාලයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඒකාබද්ද ප්‍රයත්නයක් ලෙස දැනුම බෙදා දීමේ වැඩසටහනක සංවිධානය වූ අතර එහිදී අප සිසුන් විසින් සැකසු දෙයින් වැදගත් කොටසක් මෙහි දැක්වීමට කැමැත්තෙමි.



පහත පියවර අනුගමනය කරන්න

සිටගන්නා අයුරු 

කන්නාඩියක් ඉදිරිපස සිටගන්න 
ඔබගේ දෑත් ඉහලට ඔසවන්න

 
ඔබගේ දෑත් ඉඟට ඉහලින් තබාගන්න




මූලික ලක්ෂණ 
සම බෙදී යාම

වර්ණය වෙනස් වීම

 

තැඹිලි  පැහැයට පත්වීම

තනපුඩුවෙහි වෙනස් කම් 




  පරීක්ෂා කරන අයුරු

ඔබගේ වම් පියයුර සඳහා දකුණු අත්ල භාවිත කරන්න

ඔබගේ දකුණු පියයුර සඳහා වම් අත්ල භාවිතා කරන්න. අත්ල පතලිව තබා ගන්න

 

ඔබගේ  ඇඟිලි මගින් පියයුර පරීක්ෂා කරන්න


ගැටිති  හෝ දැඩි බැවින් යුතු සමට ඇතුලතින් පහිටි ප්‍රදේශ ගැන අවදානය යොමු කරන්න.තනපුඩුව වටා වෘත්තාකාරව ඇගිලි චලනය කරන්න.පළමුව ඈත සිට පටන්ගෙන ක්‍රමයෙන් තනපුඩුව ආසන්නයටම ඔබගේ ඇඟිල්ල රැගෙන එන්න.මෙලෙසම කිහිල්ල අවටද පරීක්ෂා කිරීම සුදුසු වේ.

අවසාන පියවර

ඔබගේ  අගලි දෙකකින් තනපුඩුව පෙදෙස දෙපසට ඈත කරන්න

 

මෙලෙස  කරනා විට රුදිරය හෝ වෙනත් ශ්‍රාවයක් වහනය වී දැයි පරීක්ෂා කරන්න




තවත් ක්‍රමයක් 

ඔබගේ නිවසේ ඇඳේ වැතිර පපුවට යටින් කොට්ටයක් තබා මෙලෙසම පරීක්ෂා කල හැක.
එලෙස කිරීමෙදී වම් පියයුර පරීක්ෂාවේදී දකුණු අතින්ද, එලෙසම කොට්ටය වම් උරහිස යටින්ද තබා ගන්න. අනෙක් පියයුරටද මෙලෙස අත් මාරු කර කරන්න.

පිළිකා සහිත පියයුරු කිහිපයක් 









සැලකිය යුතුයිමෙම ස්වයං පරීක්ෂාව මාසිකව සිදුකලයුතු අතර එය මාසික ඔසප්වීමෙන් සතියකට පමණ පසු සිදු කිරීම යෝග්‍ය වේ. ආර්තවහරණයට පැමිණි කාන්තාවන් මාසයේ වෙන්කළ දිනයක මාසිකව මෙම පරීක්ෂාව සිදුකල යුතුය යන්න වෛද්‍ය මතයයි.


Summary
  • Stand in front of a mirror
  • Raise your arms above the head
  • Keep your arms over the waist
  • Look for
Skin puckering
change in contour
Pue de Orange
Changes in Nipple 
  • Feel for any lumps or firmness beneath the skin in both breasts starting from one quadrant towards the nipple
  • Same way feel the axillary tail and the axilla.
  • Squeeze each nipple using thumb & index finger to see whether there is any bleeding or a discharge
  • Another position to do the self-breast examination is while lying supine on a bed.
  • Self- Breast examination should be carried out monthly one week after menses and on a fixed day in a month in menopaused women. 

No comments:

Post a Comment